බන්ඩේගෙ
කිරි හිනාව.
සීතල දුරුත්තක එක ගම් තුලානක
මහා කලබලෙකි අදුරින් පිරි වෙලාවක
වැඩිහිටියන්ගේ සතුටින් වත පුරා නෙක
ඵලයක් සිටෙව්වා ගම මහ නිවාසෙක..
දින සති ගනනි තුන් වසරකි ගත වන්නේ.
නැහැ එම ගසේ මල් කුමුදක් හට ගන්නේ
නෑයින් පැමිණ කසුකුසුවෙනි විමසන්නේ..
කොහොමද හිතක් මේ ගින්දර ඉවසන්නේ
ඊයේ කොන්ද අද
දන හිස රිදෙනවය
අද නම් නොහැක මගේ තුනටිය අමාරුය.
හම්මේ මහන්සියි වැඩ වැඩ දිවාරැය
පලයක් තියා මලකුත් නැති කලාවය.
දැන් ඇති ඉවසුවා ආපහු යන්න යමි
තුන් වසරකට වැඩි කාලය ඉවසු වෙමි
තව ටික කලක් වස්තුව ඔබ සමග ඉමි
දෙවියන් දුන්නොතින් දරුවෙකු ගෙනත් දෙමි
බොහෝ දුක් බරව දිවි ගෙවනා වෙලාවේ.
මහ වැස්සකිය හෙන සද්දෙන් ගෙනාවේ
සෙවනැලි පවා නොපෙනෙන ගම් තුලාවේ
බන්ඩේ එනු පෙනේ මහ වැසි වෙලාවේ.
බන්ඩේ එන්න ගෙට මොකටද තෙමෙන්නේ..
නැහැ මැණිකේ මොටද කරදර කරන්නේ.
නිවසට ගොසින් රෙදි කබලක් ගෙනෙන්නේ
ඇගේ සුරතිනුයි ඔහු තෙත හිස පිහින්නේ..
අකුණක් පිපිරුණා නගමින් දරුණු හඩ
මැණිකේ නැවතුනේ බන්ඩෙගෙ පපුව උඩ
ගත උනි වෙලාවක් කෙදිරිලි සුසුම මැඩ
මල් පෙති සිදුරු කර බැස යති අනග තුඩ
කදුලැල්ලක් වැටිණි සුන්දර දෙනෙත මත
යා නොම උනත් දෙහදක එක් වීම ඇත
ඇසුනා හඩක් ඇද පොලුවල කිරිය මත
චායාවක් වැටිනි විසිරුණු අදුර වෙත
කන කොක් හඩ ඇසිනි මුළු රැය පුරා වන
පසුදින පහන් විය අරුනලු හිනා උන
වැලපෙන හඩ අසින මුළු ගම හබා එන
අත පය කැඩුණු බන්ඩේ දිවි නසා ගෙන
කාලය ඉගිල්ලෙති දින සති මස තිස්සේ
දවසින් දවස කුස තව ඉහලට ඉස්සේ
දසකඩ මස පිරුණු දවසක මහ වැස්සේ
සුන්දර කුමරියෙකි සුර පුරයට බැස්සේ
මහ බලගතුයි මේ නැකතයි වෙලාවයි.
අම්මට හොදයි පියනට මරු කලාවයි.
සුරතල් කුමරි ගමටම වාසනාවයි
මවගේ මුහුණ බන්ඩෙගෙ කිරි හිනාවයි.